ඉතිහාසය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය
Mr. D.B Jayathilaka
1919-1920
Dr. W Arthur De Silva
1920-1921
Dr. C.A Hewavitharana
1922-1923
Mr. S.R Senanayake
1923-1924
Mr. P.De.S Kularathna
1924/25-1958/1959
Mr. C.W.W. Kannangara
1925-1926
Mr. S.R Wijemanna
1926-1927
Mr. M.S. Jayathilaka
1927-1928
Dr. Francies Molamure
1928-1929
Mr. D.C. Senanayake
1929-1930
Mr. D.P Nugawela
1930-1931
Mr. P.Robert De Zoysa
1931-1932
Mr. C. Batuwanthuduwe
1932-1933
Mr. H.Sri Nissanka 1933-1934
1933-1934
Prof. Gunapala Malalasekara 1935-1958
Dr. A.E Fonseka
1958-1959
Mr. Jayaweera Kuruppu
1959-1960
Dr. Lalith Rajapakse
1960-1964
Mr.H.Jinadasa Samarakkodi
1973-1975
Mr. Albert Edirisinghe
1975/77-1982/83
Dr. Senarath Gunawardena
1977-1981
Dr. L.G. Hewage
1981-1982
Dr. M.B. Ariyapala
1983/86-1990/91
Col. George Ranathunga
1986-1989
Dr. K.T.W. Sumanasuriya
1989/92-1993/96
Mr. Dudley Gunasekara
1992-1993
Dr. Sudath Devapura
1996-2000
Dr. Mrs.Milina Sumathipala
2000-2006
Mr. Jagath Sumathipala
2006-2014
Dr. Praneeth Abesundara
2015-2017
ආචාර්ය සී.ඒ. හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ,ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ සාමූහිකය වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ලෝකවාසී සියලු බෞද්ධ ජනතාව ඒකඡත්‍ර සංවිධානයක් යටතේ එක්සත් කිරීමේ අරමුණින් පිහිටුවන ලද සංවිධානයකි. එහි සමාරම්භක රැස්වීම, 1919 දෙසැම්බර් මස ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ පවත්වන ලදි. පසුගිය වසර සියය තුළ එය ලෝක වාසී බෞද්ධයන්ගේ බලාපොරොත්තු සහ අභිලාෂයන් සපුරාලීමේ විශිෂ්ට ආයතනයක් බවට පත්ව ඇත.
ආරම්භයේ දී , සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන අභිප්‍රාය වූයේ රට පුරා පිහිටුවා ඇති තරුණ බෞද්ධ සංගම්හි කටයුතු ක්රමානුකූල කිරීම සහ විධිමත් කිරීමයි. කෙසේවෙතත් , එහි අරමුණු පහත දැක්වෙන අරමුණු අන්තර්ගත කිරීම සඳහා පුළුල් විය.
- බුද්ධ ධර්මයේ සහ බෞද්ධයන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සහ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කිරීම.
- බෞද්ධයන් හා බෞද්ධ සංගම් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම.
- බෞද්ධයන් නියෝජනය කිරීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට බලපාන පොදු කාරණා සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරීම.
- බෞද්ධයින්ගේ ළබැඳියාවන්ට බලපාන ඕනෑම කරුණක් පිළිබඳව නොමිලේ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම.
- බෞද්ධ පුණ්‍ය කටයුතු සිදු කිරීම.
මෙම බහු අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා සම්මේලනය තුළ ජාතික සභා කිහිපයක් පිහිටුවා ඇති අතර ඔවුන් වර්තමානයේ ආගමික හා සංස්කෘතික කටයුතු, සමාජ සේවා, ළමා සුභසාධන, අධ්‍යාපනය, සංවර්ධන කටයුතු, තරුණ ක්‍රියාකාරකම්, සාමාජික සංවර්ධනය, ප්‍රචාරණ, පර්යේෂණ සහ ජාත්‍යන්තර කටයුතු සඳහා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත.මෙම සියලු සභාවන් නිරන්තරයෙන් රැස්වන අතරම සමාජ, අධ්‍යාපන සහ සුභසාධන කටයුතු සංවිධානය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කරනු ලබයි.ප්‍රධාන බෞද්ධයන්ගේ ජීවිත කාලය පුරා සිදුකරනු ලබන කැපවීම සහ පරිත්‍යාගශීලි දායකත්වය මෙන්ම සම්මේනයේ පොදු සාමාජිකයන්ගේ ක්‍රියාකාරී දායකත්වය, සම්මේලනය වර්ධනය කරමින් මෙන්ම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය රටේ ප්‍රමුඛතම සංවිධානයක් බවට පත්කිරීම සඳහා වූ ප්‍රධාන කාර්යභාර්ය ඉටු කර ඇත. එමෙන්ම රටේ ප්‍රමුඛතම බෞද්ධ සංවිධානය ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පසුගිය වසර සියය තුළ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ.
බෞද්ධ සම්මේලනයේ අතීතයේ සිදුකරන ලද ප්‍රධාන ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ.
- ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම
මහාචාර්ය ගුණපාල පී මලලසේකර මහතා සභාපතීත්වය දැරූ කාල පරිච්ඡේදය තුළ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා වන ” ත්‍රිපිටක භාරය ” සංස්ථාපනය කරන ලද අතර 1945 පෙබරවාරි මස 04 වන දින එනම් ජාතික නිදහස් දිනයේ දී එහි පළමු කොටස වන “දීඝ නිකාය ” පරිවර්තනය කර ප්‍රකාශයට පත්කරන ලදි.
- ළමා සංවර්ධන මධ්‍යස්ථාන
පළමු ළමා සංවර්ධන මධ්‍යස්ථානය වන , බියගම විහාරමහාදේවි බාලිකා නිවාසය 1945 වර්ෂයේ දී ස්ථාපනය කරන ලද අතර, එතැන් පටන් සම්මේලනය විසින් එවැනි තවත් සුභසාධන මධ්‍යස්ථාන 17 ක් ආරම්භ කර නඩත්තු කරනු ලබයි. සමස්ත ලංකා මහා බෞද්ධ සම්මේලනය විසින් පවත්වාගෙනු යනු ලබන ළමා සුරැකුම් ආයතන , ආගමික වාතාවරණයක් තුළ පාසල් අධ්‍යාපනය ලබා දීමෙන් සහ ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීමේ අවස්ථාවන් නිර්මාණය කරදීම මගින් , අසරණ දරුවන් හට සෙවණ සහ ආරක්ෂාව සපයනු ලබයි. මෙම නිවාස පවත්වා ගැනීම සඳහා මහජනතාවගෙන් ලැබෙන නොමසුරු මූල්‍ය සහ ද්‍රව්‍යමය පරිත්‍යාග ලබාගනිමින් ඒවායෙහි නඩත්තුව සහ වගකීම නිවස්නයන්හි පරිපාලන සභා විසින් සිදුකරනු ලබයි.බෞද්ධ සම්මේලනය විසින් පවත්වාගෙන යනු ලබන එකී ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි නේවාසික ළමුන්ගේ වඩාත් අපේක්ෂා සහගත වැඩසටහන වනුයේ වාර්ෂිකව සිදුකරනු ලබන අන්තර් නිවාස ක්‍රීඩා උළෙල සහ තරු මුතු දරු ළමා ප්‍රසංගය වේ. මේ සඳහා ළමුන් 700 කට වඩා අධික සංඛ්‍යාවක් වාර්ෂිකව මෙම අවස්ථාවන් සඳහා සහභාගී වෙති.
- ලෝක බෞද්ධ සම්මේලනයේ (WFB) සමාරම්භය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ලද විශාලතම ජයග්‍රහණයන්ගෙන් එකක් වන්නේ 1950 වර්ෂයේ මැයි මස රටවල් 29 ක විදේශීය නියෝජිතයන් 129 දෙනෙකු ඉදිරියේ ලෝක බෞද්ධ සම්මේලනය පිහිටුවීමයි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා එහි ප්‍රථම සභාපතිවරයා වූ අතර 1950 -1958 දක්වා ලෝක බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටුවා තිබුණි.
- බෞද්ධ තොරතුරු සහ විමසීම් කවුන්සිලය (BIIC)
1954 අප්‍රේල් මස 02 වන දින බෞද්ධ තොරතුරු සහ විමසීම් කවුන්සිලය (BIIC) පිහිටුවීම සහ තවත් කමිටු සහ කොමිෂන් සභා පිහිටුවීම මගින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය ප්රතිපත්තීන්හි දිශානතීන් වෙනස් කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එහි වසර සියයක් වූ දීර්ඝ ඉතිහාසයක් තුළ සැළකිය යුතු දායකත්වයක් ලබා දෙන ලදි. 1945 වර්ෂයේ පත්කරන ලද කවුන්සිලය , ශ්‍රී ලංකාවේ බහුතර ජනගහනය වන බෞද්ධ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා වසරක් පමණ කාලයක් ගත කරන ලදි.
- ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජාතික සභාව
බෞද්ධයන්ගේ දැනුම සහ ප්‍රාමාණික වටිනාකම් වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දීම සඳහා මෙම සභාව 1956 වර්ෂයේ දී පිහිටුවන ලදි. 1958 වර්ෂයේ සිට මෙම කවුන්සිලය විසින් “බෞද්ධලෝක” මාසික සඟරාව ප්රකායට පත්කරන ලද අතර එහි සම්පූර්ණ පිරිවැය දරනු ලැබුයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේනතුව විසින් පවත්වාගෙන යන දහම් පාසල් සහ සාසනාරක්ෂක කමිටු සඳහා ලබා දුන් සඟරාව මෙය විය.
- වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන
රට වෙනුවෙන් වෙහෙස මහන්සි වී, ජාතියට හා ආගමට දීර්ඝ කාලීනව සේවය කිරීමෙන් අනතුරුව සිය සැඳෑ සමයේ අසරණව සිටින්නා වූ වැඩිහිටියන් වෙනුවෙන් , බෞද්ධ සම්මේලනය විසින් එකී වැඩිහිටියන් හට ඔවුන්ගේ ඉතිරි කාලය සාමකාමීව ගත කිරීම සඳහා වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ඉදිකර ඇත. 1956 රත්ගම ඉදිකරන ලද විජේරත්න වැඩිහිටි නිවාසය බෞද්ධ සම්මේලනය විසින් ඉදිකරන ලද ප්‍රථම වැඩිහිටි නිවාසය වේ. වර්තමානයේ බෞද්ධ සම්මේලනය විසින් වැඩිහිටි නිවාස 8 ක් ඉදිකර පවත්වාගෙන යනු ලබයි.
මීට අමතරව ගිලන් වූ භික්ෂූන්වහන්සේලාගේ සුභසාධනය උදෙසා බද්දේගම සහ කළුතර වැඩිහිටි නිකේතන දෙකක් ඉදිකර ඇත.
- ලෝක බෞද්ධ තරුණ සම්මේලනය (WFBY)
1972 වර්ෂයේ කොළඹ දී පැවති ලෝක බෞද්ධ සම්මේලනයේ 10 වන සමුළුවේ දී ලෝක බෞද්ධ තරුණ සම්මේලනය ආරම්භ කරන ලදි. ලෝක බෞද්ධ තරුණ සම්මේලනයේ උපසභාපතිනිය තනතුර උසුලන ලද පුථුලා මායාකඩුව මහත්මිය විසින් “ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ උරුමය විදහාපෑම” යන තේමාව යටතේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ තරුණ හුවමාරු වැඩසටහන 2016 අගෝසතු මස 15 සිට 20 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුග්‍රාහකත්වය යටතේ පවත්වන්නට යෙදුණි. වර්තමානය වනවිට ලෝක බෞද්ධ තරුණ සම්මේලනයේ සාමාජිකත්වය රටවල් 18 ක මධ්‍යස්ථාන 38 ක් දක්වා ව්‍යාප්ත වී තිබේ. අද වනවිට ලෝක බෞද්ධ තරුණ සම්මේලනය යනු ලොව පුරා තරුණ බෞද්ධ සංවිධාන ජාලය වන අතර තරුණයන් අතර බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය සහ බුද්ධ ධර්මය බෙදාහැරීම අරමුණු කරගත් සංවිධානයකි.
- වාර්ෂික බෞද්ධාලෝක වෙසක් සැමරුම
2002 දී ආරම්භ කරන ලද බෞද්ධාලෝක වෙසක් කලාපය , වෙසක් උත්සවයට පිබිදීමක් ඇති කරන අතර එය කොළඹ වීදිවල අන්ධකාරය මග හරිනු ලබයි.. 2002 සිට බෞද්ධාලෝක වෙසක් කලාපය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ඉතා සාර්ථක උත්සවයක් ලෙස අඛණ්ඩව පවත්වයි.
- සදහම් යාත්‍රා දඹදිව බෞද්ධ වන්දනා
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් ඉන්දීය වන්දනා ගමන් සඳහා මග පෙන්වීමේ වැඩසටහනක් 2003 වර්ෂයේ දී ආරම්භ කරන ලදි. ඒ අනුව සමස්ත ලංකා මහා බෞද්ධ සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සංචාරයේ දී සැවැත් නුවර ජේතවනාරාමය , රජගහ නුවර , වේළුවනාරාමය , විශාලා මහනුවර , සංඛස්ස සහ සාංචි ඇතුළු වැදගත් ස්ථාන කරා බැතිමතුන් රැගෙන යයි. එටමන්ම බෞද්ධ සම්මේලනය විසින් වාර්ෂික “කඨින පූජාව” පවත්වනු ලබන්නේ ද සැවැත් නුවර ජේතවනාරාමයේ සහ ලුම්බිණි විහාරස්ථානයේ පවත්වනු ලබයි. සෑම වසරකම ශ්‍රී ලංකාවේ වෙසෙන බැතිමතුන් විශාල පිරිසක් මෙම දඹදිව වන්දනා සඳහා සහභාගී වෙති.
- බෞද්ධ පුනරුදය (පුනරුද ක්‍රියාවලිය) ව්‍යාපෘතිය
බෞද්ධ පුනරුදය ව්‍යාපෘතිය ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය විසින් ආරම්භ කරන ලද්දකි. එය දේශප්‍රේමී විද්වතුන් විසින් අරඹන ලද දීර්ඝ සහ දැඩි සාකච්ඡාවක ප්රථිඵලයක් වන අතර එය ජාතික , ආගමික සහ ආර්ථික පුනර්ජීවන වැඩසටහනකි. එහි හරය හා ක්‍රියාව සියලු බෞද්ධයන් විසින් අනුගමනය කර තේරුම් ගත යුතු ය. ව්‍යාපෘතියේ දළ සැළැස්ම 2004 වර්ෂයේ ඔක්තෝම්බර් මස ජනතාවට එළිදරව් කරන ලදි.
මෙම වැඩසටහන යටතේ “ගමයි පන්සලයි” වැඩසටහන ස්ථාපනය කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමත් විය.
ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය ගරු සභාපති ධුරය දරූ පළමු කාන්තාව වීමට මෙහිදී වාසනාවන්ත වූවා ය. 2001 වර්ෂයේ ඇය සභාපති ධුරයට පත්වන විට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙහෙයුම් වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද අර්බුධකාරී තත්ත්වයක පැවතිණි. නමුත් ඇයගේ කැපවීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම , වෙහෙස නොබලා ක්රියාකිරඹී ආදී ගුණාංග හේතුවෙන් බෞද්ධ සම්මේලනයේ එම අර්බුධකාරී තත්ත්වයන් ක්‍රම ක්‍රමයෙන් මග හරවා ගැනීමටත් ආයතනයට යහපත් කීර්තිනාමයක් අත්පත් කරගැනීඹට ද සමත් විය.
- 2004 දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනය
2004 සුනාමි ව්‍යසනය ශ්‍රී ලංකාවට බලපෑ විශාලතම ස්වාභාවික විපතයි. සුනාමියෙන් රට පුරා පන්සල් 76 ක් පමණ විනාශ වී ඇති අතර, විවිධ පරිත්‍යාග කරමින් තෝරාගත් විහාරස්ථාන 20 ක් ප්‍රතිසංස්කරණය කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වය ගන්නා ලදි. අවතැන්වූවන් සඳහා පරිත්‍යාග දිවයින පුරා සිදු වූ අතර පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට ගත් පියවර, බුද්ධ ශාසනයේ තිරසාරභාවය සඳහා බෞද්ධ සම්මේලනයේ විසින් ගනු ලැබූ උදාර තීරණයක් ලෙස සැළකිය හැකි වේ..
- ලෝක බෞද්ධ සම්මේලනයේ 60 වන සංවත්සරය
ලෝක බෞද්ධ සම්මේලනයෙහි ශ්‍රී ලාංකික සාජිකත්වය ඉස්මතු කර නැවත සක්‍රිය කරමින් ජගත් සුමතිපාල මහතා විසින් ලෝක බෞද්ධ සම්මෙලයේ 25 වන වාර්ෂික මහා සම්මේලනය සහ ලෝක බෞද්ධ සම්මේලනයේ 60 වන සංවත්සරය 2010 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැතවීමට කටයුතු කන ලදි. එය ඉතා සාර්ථක සහ ශ්‍රී ලංකාවේ පවත්වන ලද ශ්‍රේෂ්ඨ බෞද්ධ උත්සවයක් විය.
- කාන්තා අභිවෘද්ධි සංසදය
ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත නගාසිටුවීම සහ සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් තුළ බුද්ධ ධර්මය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම උදෙසා ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ සහභාගීත්වයෙන් 2006 වසරේ මෙම සමාජය පිහිටුවන ලදි. මෙම සමාජය විසින් විවාහ සඳහා මූල්‍යමය ආධාර ලබා දිම සහ අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ලබා දිම සිදුකරනු ලබයි.
- සදාචාර විරෝධී සංවර්තනයන් පිළිබඳ කොමිසම
ජගත් සුමතිපාල මහතාගේ මග පෙන්වීම යටතේ , සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සදාචාර විරෝධී ලෙස සහ විවිධ උපක්‍රම මගින් බෞද්ධයන් අන්‍ය ආගමීකරණය කිරීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කරන ලද අතර කොමිසම විසින් මෙම සදාචාර විරෝධී අන්‍යාගමීකරණය පාලනය කිරීම සඳහා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ විය. එමෙන්ම 2009 ජනවාරි මස කොමිෂන් සභා වාර්තාව නිකුත් කරන ලදි.
- පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම
බෞද්ධ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමටත්, වත්මන් සහ අනාගත පරම්පරාවන් විසින් උගත යුතු එකී තේජාන්විත ඉතිහාසය අනාගත පරපුර වෙත භාර කිරිමටත්, ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දේපාර්තමේන්තුව සමග එක්ව 2007 වර්ෂයේ දී පාඨමාලා සහ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. පසුව, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීමේ අරමුණින් යුතුව කමිටුවක් ද පිහිටුවන ලදි. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමේ ජාතික වගකීම සඳහා ක්‍රියාකාරී ලෙස දායක වී ඇති අතර බෞද්ධ උරුමයන්, ධාතු, සම්ප්‍රධායන්, භාවිතාවන් සහ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ද කටයුතු කරමින් ඇත. විශේෂයෙන්ම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරයට සමගාමීව අනුරාධපුර විජයාරාම පුරාණ රාජ මහා විහාරය ආශ්‍රිතව 2014 වර්ෂයේ දී පුරාවිද්‍යා ගවේෂණ ස්ථානයක් ද ආරම්භ කරන ලදි.
- බෞද්ධ සාහිත්‍ය උළෙල
බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ඇගයීම ප්‍රමාණවත් නොවන බව හඳුනාගැනීමෙන් අනතුරුව බෞද්ධ සම්මේලනය විසින් බෞද්ධ සාහිත්‍ය කතුවරුන් හට උපහාර දැක්වීම පිණිස වාර්ෂික සාහිත්‍ය උත්සවයක් සංවිධානය කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව 2007 වර්ෂයේ සිට සෑම වර්ෂයකම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේනය විසින් උත්කර්ෂවත් සාහිත්‍ය උළෙලක් සංවිධානය කරනු ලබයි.
- වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන
1976 වර්ෂයේ ජනවාරි 08 වන දින කළුතර ආනන්ද සමරසිංහ ළමා නිවාසය සහ වෘත්තීය පුහුණු ආයතනය පිහිටුවීම මගින් දැයේ දරුවන් සඳහා වෘත්තීය පුහුණු සඳහා දොර විවර කෙරිණි. ඉන් අනතුරුව 2013 වර්ෂයේ දී , සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතාගේ මගනේවීම යටතේ අවුරුදු 18 ට ඉහළ සිසුන් සඳහා පළමු නේවාසික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, පානදුර, වලාන විජේවර්ධන (බාලිකා) ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදි.
- බෞද්ධ ව්‍යාපාරික සංසදය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ සමාරම්භයක් ලෙස 2010 වර්ෂයේ දී, ලෝක බෞද්ධ සාමූහිකයේ 60 වන සංවත්සරය හා 25 වන මහා සමුළුවට සමගාමීව ලෝක බෞද්ධ සාමූහිකයේ ප්‍රථම සම්මේලනය පවත්වන ලදි. එමෙන්ම සමස්ත ලංකා මහා බෞද්ධ සම්මේලනයේ, විදේශ කටයුතු පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද “ව්‍යාපාරයන්හි බෞද්ධ නායකත්ව පුහුණු”යන මැයෙන් පවත්වන ලද 2018 බෞද්ධ ව්‍යාපාරික සම්මේලනය, 2018 වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ජස්මින් ශාලාවේදී පවත්වන්නට යෙදුණී.
- බෞද්ධ හිමිකම් කොමිසම් සභාව
බෞද්ධ රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, ආර්ථිකය, වෛද්‍ය විද්‍යාව සහ සෞඛ්‍යය, නීතිය හා පරිපාලනය, සංස්කෘතිය, භාෂාව සහ සාහිත්‍යය යන කරුණු සඳහා බෞද්ධ අයිතිවාසිකම් කොමිසම 2018 දී පොසන් පොහෝ දිනයේදී පිහිටුවන ලදී..
- සමගි සංඝ සම්මේලනය
ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කවුන්සිලයක් 2019 පිහිටුවන ලදි. එමෙන්ම ජාතික ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩ වසන සියලුම භික්ෂූන් වහන්සේලා එක් ස්ථානයකට කැඳවා ගැනීම සඳහා සමගි සංඝ සභාවක් පිහිටුවීමට ද බෞද්ධ සම්මේලනය සැළසුම් කරමින් සිටී.