ජාතික සමාජ සේවා මණ්ඩලය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සමාජසේවා කටයුතු ආරම්භ කර වසර 75 ක් පමණ ගත වී ඇත. සම්මේලනයේ සමාජසේවා කටයුතු සැලසුම් කිරීම ඒකාබද්ධ කිරීම හා නියාමනය කිරීම ද සිදුවන්නේ ජාතික සමාජසේවා මණ්ඩලය මගිනි. සම්මේලනයේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පාලක සභා මගින් පාලනය වන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස හා නිකේතන පවත්වා ගෙන යාම, මෙහෙයවීම, අධීක්ෂණය හා අනුග්‍රහය යටතේ සිදුවේ. කාර්ය මණ්ඩලය හා නිලධාරින් සදහා එම ආයතනයෙහි පුහුණුව ලබා දීම හා යවත්කාලීනවීම් ඇතුළුව සම්මේලනය සැලසුම් කරන සියළුම සමාජසේවා කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි. සම්මේලනයේ ව්‍යාපෘතින් සදහා මෙන්ම සුභසාධන කටයුතු සදහා ද මූල්‍යමය දායකත්වය ලබා දීමට ජාතික මණ්ඩලයක් වශයෙන් ක්‍රියා කරනු ලබයි.
2011 අංක 05 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ (සංශෝධන) පනත ප්‍රකාරව zzවැඩිහිටි තැනැත්තන්ට ගරු කිරීම සහ සැලකිලි දැක්වීම මගින් රජය විසින් රැකවරණය සැලසිය යුතු සහ ආරක්ෂා කළයුතු කණ්ඩායමක් වශයෙන් වැඩිහිටි තැනැත්තන් රජය විසින් පිළිගනු ලබන හෙයින් ද, තෘප්තිමත් වු ජීවිතයක් සදහා රජය විසින් අවශ්‍ය යටිතල පහසුකම් සැපයිය යුතු බව රජයේ අදහස වන හෙයින්ZZ එය යථාර්ථයක් බවට පත් කරනු වස් වැඩිහිටියන් සදහා පහසුකම් ලබා දෙමින් රජය සමග සම්බන්ධිකරණය කොට වැඩිහිටියන්ගේ සුභවිහරණය ලබා දීමට සෑම උත්සාහයක්ම දැරිම ජාතික සමාජසේවා මණ්ඩලයේ වගකීම වේ.
ජාතික සමාජ සේවා මණ්ඩලය විසින් පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
මණ්ඩල නිලධාරීන්
සී.කේ. ගමගේ මහතා
ගරු සභාපති
0777 706 050
නන්ද කුමාර මිගුන්තැන්න මහතා
ගරු උපසභාපති
චිත්‍රානන්ද ජයකොඩි මහතා
ගරු ලේකම්
කාංචනා නාගසිංහ මහත්මිය
ගරු භාණ්ඩාගාරික