2025 මාර්තු මස 22 වෙනි සෙනසුරාදා දින අපරභාගයේ සිට පසුදින පහන්වන තෙක් අප රටත් ලෝකයටත් යහපතක් වේවා යැයි ප්‍රර්ථනා කරමින් මහා මෛත්‍රී දිනය අනුරාධපුර ජේතවන චෛත්‍ය අභියස දී පැවැත්වුණි. පාරගත මහා මෛත්‍රී ශ්‍රාවක සංසදයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගැටලාවේ විමලරතන නායක ස්වාමින්වහන්සේගේ සිදුකරන ලද අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මැතිතුමා, ගරු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකභවතුන් සහ සාමාජික සාමාජිකාවන් මේ සඳහා සහභාගි විය.



