විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම පිණිස රජය මඟින් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාව සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකභවතුන් විසින් 2023 දෙසැම්බර් මස 23 වැනි දින මල්වතු මහා විහාරයේ සංඝරාජ මන්දිරයේ දී ශ්‍යාමෝපාලී වංශික මල්වතු පාර්ශ්වයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ විදග්ග කාරක සංඝ සභාවටත් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ විදග්ග කාරක සංඝ සභාවටත් ගරු දියවඩන නිලමේ ප්රමුඛ බස්නායක නිලමේවරුන්ටත් පිරිනැමූ අවස්ථාවයි.