Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
Latest News | news

ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය 2023- සබරගමු පළාත

සැප්තැම්බර් 20, 2023සැප්තැම්බර් 21, 2023

ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය කිරීමේ මහෝත්සවයේ සබරගමුව පළාත කේන්ද්‍ර කරගත් උත්සවය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මහා මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ  සහ බස්නාහිර පළාත ඇතුලු කොළඹ නව කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට ශ්‍රි ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඹ්මල්පේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේලාගේ මූලසනාරූඩත්වයෙන් ගරුතර මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ නායකයින්ගේ සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 09 වන දින ප.ව. 2.00ට සම්මේලන මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපදේශක මණ්ඩල සාමාජික මොරටුව ආතර් සී ක්ලාක් විද්‍යාතන ප්‍රධානි කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමා‌ සහභාගී විය.  

මෙම සම්මාන ප්‍රදානයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස ගෞරවනිය උත්සව සභාවේ මූලාසනයේ වැඩ හිදු අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මහා මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ හට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පිරිනමන ලද යතිවර ප්‍රභා සම්මානය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමා අතින් පිරිනමන ලදි

දීර්ඝ කාලයක් නිස්සරනාධ්‍යාශයෙන් දහම් අධ්‍යාපනට සිදුකළ සේවය ඇගයීම උදෙසා දහම් පාසල්  ගුරුභවතුන් ඇගයීමේදී  ස්වාමීන්වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා 6 නමකටද, ගුරු මහත්ම මහත්මීන් 150 ක සංඛ්‍යාවකට සාසනාභිමානී ධම්මාචරිය සම්මානය පිරිනැමුනි.  

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන්, සාමාජික හා සමිති සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපති උපුල් රූපසිංහ මහතා ඇතුළු මණ්ඩල සාමාජිකයන්ගේ මූලිකත්වයෙන්  මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.

ලිපි යාත්‍රණය

Previous Previous
Leadership Training Workshop Of Dhamma School Teachers
NextContinue
වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  2023

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්