Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
Uncategorized | නවතම පුවත්

බෞද්ධ සම්මේලනයේ මතකයෙන් නොමැකෙන කඨීන පින්කමක්..

නොවැම්බර් 1, 2025නොවැම්බර් 1, 2025

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙවර කඨින මහා පිංකම යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේදී පහුගියදා පැවැත්වුණි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වකිෂ්ට මැතිතුමාගේ නායකත්වය යටතේ, ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනිය, කෘත්‍යාධිකාරි මණ්ඩල නිලධාරින් ඇතුළු කමිටු සමාජික සමාජිකාවන්ගේ සහයෝගයෙන්, වාර්ෂික කඨින පින්කම යාපනයේ ශ්‍රී නාග විහාරස්ථානයේදී පැවැත්විණි. මෙය විශාල ආනිසංස සහිත මතකයෙන් නොමැකෙන පුජණීය අවස්ථාවක් විය.

කඨින මහා පින්කමට යාපනය ප්‍රදේශයේ බෞද්ධයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර, කොළඹ ඇතුළු ලංකාව පුරා විවිධ ස්ථානවලින්ද පැමිණි සැදැහැවතුන්ගෙන් නාග විහාර පරිශ්‍රය පිරි තිබුණි. සමහරු යාපනයට දුම්රිය මගින් පවා ගමන් කර ඇති බව වාර්තා වේ. අද කාලයේ බොහෝ බෞද්ධයන් නාගදීපය, නාග විහාරය, කදුරුගොඩ පුරාවිද්‍යා ස්ථානය, තිස්ස රාජමහා විහාරය සහ නල්ලූර් කෝවිල වැනි ආගමික ස්ථාන වෙත සංචාරය කරයි.

සුවිශේෂි කරුණ වන්නේ, මෙම අවස්ථාවට අනෙකුත් ආගමික පුජකයින්, නියෝජිතයින් හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාවගෙන් ලැබුණු උණුසුම් සහයෝගයයි. ආගමික සහජිවනය සහ සාමය යොදාගත් එක්සත් හැඟීමක් ලෙස, යාපනයේ ප්‍රධාන හින්දු පූජකවරුන්, යාපනයේ කතෝලික සහ මුස්ලිම් පුජකවරුන් පිරිසද මෙම උත්සවයට සහභාගී වූහ. ප්‍රධාන අමුත්තෙකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මැතිතුමා ද සහභාගී විය. තවද ලංකාවේ පිහිටි ඉන්දීය Consulate General කාර්යාලයේ නියෝජිතයෙකුද එහි දී සහභාගි විය.

එහිදී උතුරු පළාතේ විහාරස්ථානවලට අයත් භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින්වහන්සේලා පනස්දෙනකට ආසන්න පිරිසක් සඳහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වුනී. මෙම උත්සවයේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකාවේ 51 හමුදා සේනාංකය හා එක්ව විශිෂ්ට ලෙස සංවිථානය කර තිබු අතර ඔවුන්ගේ පරිත්‍යාගශීලී ආකල්පය හා කැපවීම සියලුදෙනා විසින් අගය කරන ලදි.

ලිපි යාත්‍රණය

Previous Previous
බංග්ලාදේශයේ චිතගොං කඳුකර ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් බංගලාදේශ රජය වෙත බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් කරන ලද ඉල්ලීම් ඇතුලත් ලිපියක් භාරදීම සහ එම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් බංගලාදේශ නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා සමඟ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ඇතුලු සම්මේලනයේ නිලධාරින් 2025.10.31 දින පැවැත්විණි.

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්