සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ පූර්ණ උපදේශකත්වයෙන් සහ ගරු උපසභාපති හා ගරු මණ්ඩල සභාපති මහාචාර්ය සුසිරිපාල මාලිමිබඩ මහතාගේ මූලිකත්වයෙන් ජාතික අධ්‍යාපන මණ්ඩලය මඟින් සංවිධානය කල පූජාවලී සමස්ත ලංකා බෞද්ධ චිත්‍ර සහ ගීත රචනා තරගාවලිය, නැණ කිරණ අධ්‍යාපන තිළිණපත් ප්‍රදාන වැඩසටහන සහ විශ්ව භූෂණ ගෞරව සම්මාන සන්නස්පත්‍ර ප්‍රදාන වැඩසටහන යන ව්‍යාපෘති ත්‍රිත්වය “පූජාවලී සම්මාන ප්රදානෝත්සවය – 2022” නමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රවිනිශ්චයාකාර ධුරන්ධර ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මැතිතුමා සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි මැතිතුමා ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ, සම්මෙලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් ඇතුළු සාමාජික සාමාජිකාවන් රැසකගේ සහ පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් වර්ෂ 2022.06.11 දින බොදු සමුළු ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් පැවැත්විණි.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම චිත්‍ර ශිල්පී ආචාර්ය එච්.ඒ. කරුණාරත්න මැතිඳුනට විශ්වභූෂණ ගෞරවනාම සන්නස් පත්‍රයෙන් උපහාර පිදුම ද, සමස්ත ලංකා බෞද්ධ චිත්‍ර සහ ගීත රචනා සඳහා 33 දෙනෙක් ද, බොදු සමුළුව අවට තෝරා ගත් පාසල්වල 12 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 93 දෙනෙක් රුපියල් පන්දහසක් වටිනා නැණකිරණ තිළිණ පත් සඳහා ද වශයෙන් මෙම උත්සවයේ දී ත්‍යාග සහ සහතික පත් ප්රදානය ද සිදුකරන ලදී.
ජාතික අධ්‍යාපන මණ්ඩලය මඟින් පාලනය වන පානදුර වලාන පිහිටි රොසන්කින්ඩර් වෘත්තීය පුහුණු නේවාසිකාගාරයේ ඇඟලුම් තත්ත්ව ශිල්පී පාඨමාලාව නිමකළ දැරියන් ඇගයීම ද මෙහිදී සිදු කරන ලදී.