Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
පුවත් | නවතම පුවත්

වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  2023

නොවැම්බර් 17, 2023නොවැම්බර් 17, 2023

වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  2023

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික ළමාරක්‍ෂක මණ්ඩලය මගින් ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කරන ලද වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  සම්මේලනය මගින් පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 17 හි දූදරුවන් 700 සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේදී  පස්වැනි වරටත් 2023 ඔක්තෝම්බර් මස 15 වෙනි දින අතිඋත්කර්ශයත් පවත්වනු ලදී.  ඒ සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ගරු අමත්‍ය රෝහණ දිසානායක මැතිතුමා, හිටපු කැබිනට් ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මැතිතුමා, හිටපු අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, ශ්‍රී ලංකා නාවිකා හමුදා  සේවා වනිතා  සංගමයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය සහ ජපානය,ඉන්දියාව, පකිස්ථානය, මියන්මාර් තානාපති කාර්යාලයන්හි නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන්   සහ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රංශයේ පදිංචි කුමාරි ටෙෆ්නින් මහත්මි‍සෙහභාගී විය.  තරු මුතු දරු ප්‍රසංගය නර්ථනාංග 23 කින් සමන්විත වූ අතර සියළුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන නියෝජනය කරමින් නර්ථානංග ඉදිරිපත් කිරීම සිදුවිය.   ප්‍රථම වතාවට දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ තනි ඡායාරූපයක් ලබාදීමට ශ්‍රීයා කුමාරි ටෙෆ්නින් මහත්මියගේ සංකල්පයක් මත කටයුතු කළ අතර එතුමිය විසින් සියලුම දරුවන් වෙනුවෙන් පාවහන් ද ලබාදෙන ලදි. , තවද, අපො.ස. සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ හදාරන දරුවන්  23 දෙනෙකු සඳහා සහතිකපත් සහ ත්‍යාග පිරිනැමීමද, අ.පො.ස. උසස් පෙළ සමත් දරුවන් 08 දෙදෙනකු සඳහා සහතිකපත් සහ ත්‍යාග පිරිනැමීම ද සිදු කර ඔවුන්ව ඇගයීමට ලක් කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සහ නාවික හමුදාපති  නියෝජනය කරමින්  පැමිණි එම මැතිණිය  වන ලමාහේවා මැතිණිය ඇතුළු සම්මේලනයේ නිලධාරී මනණ්ලය විසින් අනෙකුත් දරුවන් සහ වසර 5 සේවය ඇගයීම් සිදු කළ ප්‍රධාන පාලිකාවන් සඳහා ත්‍යාග ලබා දීමද සිදු විය.

ලිපි යාත්‍රණය

Previous Previous
Leadership Training Workshop Of Dhamma School Teachers
NextContinue
විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්