රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි අභිනවයෙන් ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය විවෘත කිරීම
විමලා සෝමරත්න භාරකාර පදනමේ මූලිකත්වයෙන් එහි භාරකරුවන් වන අසෝක සෝමරත්න මැතිතුමා සහ අනුර සෝමරත්න මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය 2024 නොවැම්බර් මස 17 වැනි ඉරු දින සුභ මොහොතින් විවෘත කරන ලදී.
මේ සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා, ගරු භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා මහතා, ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජික භවතුන්, ජාතික සමාජ සේවා මණ්ඩලයේ ගරු සභාපති සී.කේ. ගමගේ මහතා ඇතුළු සමාජසේවා මණ්ඩලයේ නිළධාරි මණ්ලඩය සහභාගි විය.
















