













සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ජනාධිපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ලද බෞද්ධාලෝක වෙසක් කලාපය බොරැල්ල මැගසින් මන්සංදියේ සිට බෞද්ධාලෝක මාවත මුල් කර ගනිමින් ගාලුපාර බම්බලපිටිය මන්සංදිය දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් සංවිධානය වූ බෞද්ධාලෝක වෙසක් කලාපය වෙසක් පුන් පොහෝදින සම්මේලන පරිශ්‍රයේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සිදුකරන ලද සීල සමාදාන වැඩ සටහනින් ආරම්භ විය.
එදින සවස් භාගයේ ඓතිහාසික සෙන්කඩගල පුරවර රටේමුල්ල රාජමහා විහාරස්ථානයෙන් සම්මේලනයේ ඉහල මහලේ විශේෂයෙන්ම ඉදිකරන ලද ධාතු මන්දිරය වෙත වැඩමකරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා වෙත ප්‍රථම පුෂ්පෝහාරය පුදකිරීම ගරු ජනාධිපතිතුමා නියෝජනය කරමින් සහභාගිවූ ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එම් පුන්‍යවන්ත අවස්ථාවට හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා, ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩබ්.පී. සේනාධීරමැතිතුමා, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් මාරඹගේ මැතිතුමා, චීනය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය ආදී රටවල තානාපතිතුමන්ලා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මැතිතුමා සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති උපුල් රූපසිංහ මැතිතුමා ඇතුළු සම්මේලන නිලධාරීන්ගේ සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවේ සම්මේලන පරිශ්‍රයේ පුරාවිද්‍යා ප්‍රදර්ශන ශාලාව නිරාවරණය කිරීම, උදාගී බොදු බැතිගී ගායනා ප්‍රසංගය ආරම්භ කිරීම, බත් දන්සල විවෘත කිරීම, බෞද්ධ චිත්‍රපටි ගී ප්‍රදර්ශනය ආරම්භය, රූකඩ සංදර්ශනය විවෘත කිරීම මෙන්ම චුල්ල නාරද ජාතක කථා වස්තුව නිරූපනය කරන ලද අලංකාර තොරන විවෘත කිරීමද ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
එසේම මෙම පුන්‍යවන්ත කටයයුතු සඳහා කලාපයේ ප්‍රධාන අනුග්‍රාහකයන්වූ කාගිල්ස් ආයතනයේ නියෝජිතයන්, නිල වියුත් මාධ්‍ය අනුග්‍රාහකයන්වූ ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමාගේ සහභාගිත්වයද සිදුවිය.