සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමඟ සම්බන්ධීකරණයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මලේ කුඹල්ඔළුව සහ නියංගංදොර යන ගම්මාන දෙකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් වෛද්‍ය කඳවුරක් 2025.12.07 වන ඉරු දින උදෑසන 9.30ට කොත්මලේදී පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් එම ගම්මානයන් හී 500 දෙනෙකු සඳහා දිවා ආහාරය ද ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.
ඊට සමගාමීව කුඹල්ඔළුව සහ නියංගංදොර ගම්මාන දෙකෙහි දැනට අවතැන් වී ඇති පවුල් ඒකක 350 ක් සඳහා වියලි සලාක බෙදා දීමද සිදුවේ.
එලෙසම එම ගම්මාන දෙකෙහි ගේ දොර අහිමි වී අවතැන් වී ඇති දූ දරුවන් උදෙසා විශේෂ චිත්තාභිවර්ධන වැඩසටහනක් පවත්වා ත්‍යාගද ලබා දී ඔවුන්ව මානසිකව සතුටු කිරීම හා දිරිමත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සියලුම කාර්යයන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරී මණ්ඩලය හා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍යවරුන් හා කාර්යය මණ්ඩලය එකාබද්ධව සංවිධානය වන අතර කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේත් පූඩලුඔය පොලිස් ස්ථානයේ සහ ග්‍රාම නිලධාරීන්වරුන්ගෙත් පූර්ණ සහයෝගයෙන් සිදුවේ .

