සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයට වසර 106 ක් සපිරීම නිමිත්තෙන් සහ සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ මඟපෙන්වීම මත බෞද්ධ මහා සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු සියලුම සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක ගරු සභාපති ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන් ඇතුළු සම්මේලනයේ ගමන් මග මෙහෙයෙවු හිටපු සභාපතිවරුන් 32ක්, සම්මේලනය ගොඩනැංවිමට දායක වු සාමාජික මහත්ම මහත්මීන් සිහිකිරීමටත් සම්මේලනයේ දියුණුවට හා සංවර්ධනයට දායක වු දානපතියන් සිහිකරමින් ද, වර්තමානයේ සම්මේලනය මෙහෙයවන ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයටත් සියලුම සාමාජික සාමාජිකාවන්ට, කාර්යමණ්ඩලයට සහ සමස්ත රට වැසියනට සෙත්පැතීම අරමුණු කරගනිමින් කොළඔ නව කෝරලේ ප්‍රධාන සංඝනායක,ගංගාරාම විහාරාධිලති පුජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන්වහන්සේගේ පිරිත් සජ්ජායනා සිදු වු අතර ඒ් සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් එම්.ගාමිණී සේනාරත්න මහතා සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සහභාගිත්වයෙන් සිදුවිය. ඉන් පසු දින උදැසන උතුම් වු මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීම සිදු විය ඒ සඳහා ගරු සභාපති, ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයත් සියලුම සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් සිදු විය. ඉන් අනතුරුව සාසන වීර දින සැමරුම් උලෙළ පැවැත් වු අතර එහිදි අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්තී මහානායක ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන්වහන්සේ, මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන්වහන්සේ සහ මහාචාර්ය අසංග තිලකරත්න මහතා ට මෙම උළලෙදී සම්මාන ප්‍රදානය කිරිම සිදුවිය.



